අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද පෙරවරුවේ පෞද්ගලික බස් රථ 3000 ක් පමණ ජනතාව වෙනුවෙන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවය.