මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික කුලියකට මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.
ඒ අනුව මෙම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය 2022 මැයි 31 දක්වා නීති විරෝධීව ගෙවා ඇති බව රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.
මේ අතර ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දිය හැකි බවට හිටපු සභාපතිවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බව ඔහු සඳහන් කළේය.
සමස්ත ජනතාව නොමග යවමින් හිටපු සභාපතිවරයා කළ එම ප්‍රකාශය අසත්‍ය බවට ජනතාවට ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් ඇතුළතදී දැනුම්දෙන ලෙසට කමිටුව නිලධාරින්ට නියෝග කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 06 වැනිදා රැස්විය.
මූලාශ්‍රය – ලංකාදීප