එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
ඒ, ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් (EOM) යොදවන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සිදු කළ ආරාධනයකට අනුවය.
මේ සඳහා, යුරෝපා කොමිසමේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති සහ උප සභාපති ජෝෂප් බොරෙල් මහතා විසින් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් පත්කර ඇති බව සඳහන්ය.
යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන් සමඟ දිගු ඉතිහාසයක් ඇති අතර 2019 වසරේදී පවත්වන ලද මැතිවරණයත් සමඟ අවස්ථා 6කදී ඔවුන් මෙලෙස මැතිවරණ නිරීක්ෂණෙ මෙහෙයුම් යොදවා තිබේ.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා විසින් පසුගියදා දැනුම් දෙන ලදී.