පුවත්

ජනපති අරමුදලේ අවභාවිතයක් ගැන CIDයෙන් විමර්ශනයක්

Published

on

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදු කරන්නැයි උපදෙස් දී ඇති බවය.

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා ඊයේ(23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් ව තිබේ.

මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

Trending

Exit mobile version