Connect with us

පුවත්

ජනපති ඉන්දියාවේ යන්න කලින් දෙමළ පක්ෂවලින් මෝදිට ලිපියක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ ජනතා ජාතික පෙරමුණ, දෙමළ ජාතික පක්ෂය සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය යන පක්ෂ හයේ නායකයන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.

උතුරු නැගෙනහිර පළාත්වල ජනවාර්ගිත අර්බුදයට විසඳුම් වශයෙන් 1987 වසරේදී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමට අනුව ගෙන එන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට බල කරන ලෙසට මෙම පක්ෂ ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

13 වැනි සංශෝධනයට අනුව හිමි පොලිස් ඉඩම් අතුළු බලතල රාශියක් මධ්‍යම ආණ්ඩුව යටතට ගෙන තිබෙන බවත් එම බලතල නැවත පළාත් සභා වෙත ලබාදීමට මැදිහත් වන ලෙසත් මෙම පක්ෂ තවදුරටත් ඉල්ලා තිබේ.

උතුරු, නැගෙනහිර ඇතුළු සියලුම පළාත් සභා මේ වන විට අකර්මණ්‍ය වී තිබෙන හෙයින් 13 වැනි සංශෝධනයට අනුව සියලු බලතල සහිතව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටද ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නැයි ද ඉල්ලූ බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් පැවැසීය.

ජනාධිපතිවරයා ලබන 20 සහ 21 දෙදින ඉන්දීය නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved