Connect with us

පුවත්

හාමුදුරුවරු නැති පන්සල් 84ක් !

Published

on

දිවයින පුරා පිහිටි විහාරස්ථාන අසූ හතරක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා, විහාරස්ථාන ගරා වැටීම, සංඝ පරම්පරාවල අභ්‍යන්තර ගැටලු, නීතිමය ගැටලු, යටිතල පහසුකම් හිඟය මෙම හේතු අතර වෙයි.

රජ මහා විහාර පිළිබඳව විධිමත් තොරතුරු පවත්වාගෙන නොයන බවද බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කියයි. එම දෙපාර්තමේන්තුව සංඛ්‍යා ලේඛන අනුව රටපුරා ඇති විහාරස්ථාන ගණන දොළොස් දහස් අටසිය හතකි. මේවායේ 20354ක් මහා සංඝරත්නයද සාමනේර හිමිවරුන් 22768ක් වැඩ සිටින බවද දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ විහාරස්ථාන 70ක් සහ නැගෙනහිර පළාතේ විහාරස්ථාන 411ක් පවතින අතර පසුගිය වසර පහේදී ඉදි කරන ලද විහාරස්ථාන පිළිබඳවද දත්ත පවත්වාගෙන නොයන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල පවත්වාගෙන ගිය දැනට රටට අහිමිවී තිබෙන විහාරස්ථාන පිළිබඳවද දත්ත පවත්වාගෙන නොයන අතර මෙම පළාත්වල විහාරස්ථානවල මහා සංඝරත්නයට වැඩ වාසය කිරීමට ප්‍රමාණවත් පහසුකම් හිඟය බලපා තිබේ.

(අරුණ)

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළට

Published

on

By

ක්‍රිකට්  ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ක්‍රීඩකයන් 41 දෙනා කාණ්ඩ හයක් යටතේ වර්ගීකරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

සභාපතිකම ඉල්ලා මෛත්‍රී උසාවි යයි

Published

on

By

තමාට නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මාර්ගයෙන් ගොනුකළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා නම් කර තිබේ.

වගඋත්තරකරු විසින් ගොනුකළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී ඇත.

කොළඹ දිසා අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ආකාරය නීතියට පටහැනි වන අතර එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 77වන වියේ පසු විය.

දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යය ක්ශේත්‍රයේ කටට්යුතු කල  ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හෙබවීය.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඒ මහතාය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබෙන ඔහු සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත.

ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් ය.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙක් ලෙසද  හැඳින්වීමට හැකි මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදියෙකි.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාර මහතාය.

ඒ මහතාගේ දේහය හෙට  උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ඇත.

රංජිත් කුමාර මහතාගේ අවසන් කැමැත්ත අනුව දේහය සෙනසුරාදා එනම් හෙට උදෑසන 10ට කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved