පුවත්

ජනපති නවදිල්ලයට පිටත්ව යයි!

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිතය.

දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) සවස 6.00 ට  පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය ජයගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය පසුගිය දා සමත්විය.

Trending

Exit mobile version