Connect with us

පුවත්

ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුව අමතයි

Published

on

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල්  හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද (28) සිදු කරමිනි.

එම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි.
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්  (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ  (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල්  (Charles Michel) යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වී සිටියහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.

සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය :

පළමුවෙන්ම මේ සඳහා සම්බන්ධවීමට මට අරාධනා කළ බර්ලින් ගෝලීය සංවාදයේ සභාපති මහාචාර්ය රෝව්ලෙට් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝග වලට ලක්වී තිබෙනවා.

2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට COVID-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලුව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලුයි.

දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිර කිරීමකට අප දැන් මුහුණ දී සිටිනවා.

ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.

සංවර්ධනය වෙමින් පවතින බොහේ රටවල් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත්‍ර වල ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලු රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා.

දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලු ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි.  
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා.උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රටතුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

මෙය ඉතා අයහපත් තත්ත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප්‍රශස්තරකරණය යන කරුණු දෙකම අපට මුහුණ දීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිතා කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවීම කණගාටුවට  කරුණක් බව කිවයුතුයි.

නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100 න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළයුතුයි.

මොකද ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව  පැවසිය යුතුයි. මෙම ස්ථානයේ ප්‍රමාණවත් නියෝජනයක් සිදු වන නිසා අප්‍රිකානු මහද්වීපය මුහුණ දෙන ගැටලු මා විස්තර කළ යුතු නැහැ කියා මම හිතනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල් විසින් ජාතික වශයෙන් ඉලක්කගත කර ඇති දායකත්වයන් සපුරාලීම සඳහා ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ශුන්‍ය විමෝචනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා හරිත බලශක්ති තාක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අපට පවතින මූල්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළයුතුයි.

2030 වන විට ඒ සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.

ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ප්‍රමාණවත් නැහැ. අපට මෙහිදි අලුත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.
අද අප සාකච්ඡා කළ බොහෝ අභියෝග එකිනෙකට සම්බන්ධ බව ප්‍රකාශ කෙරුණා. ඒ වගේම අප ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළා. අද පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම වසර 80 කට පමණ පෙර නිර්මාණය කර ඇති බව අපි සියලු දෙනාම පිළිගෙන තිබෙනවා.

ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ බොහෝ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ගෝලීය ආර්ථික බලවතුන් බවට පත්වීමත් සමඟ ලෝකයේ විවිධ  වෙනස්වීම් අප දැක තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සැලැස්ම සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙනවා.පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ණය ප්‍රශස්තකරණය ඉතා සංකීර්ණ කරනවා. මේ සඳහා අප සියලු දෙනා එකඟ වී තිබෙනවා. අද සාකච්ඡා කෙරෙන අභියෝගවලට මුහුණදීම සඳහා අප අධිෂ්ඨානශීලිව ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකියාවක් නැහැ. බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා ලබා ගත හැකි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ශීඝ්‍ර වැඩිවීමක අවශ්‍යතාව මේ වන විට මතුව තිබෙනවා.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සතුව සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් පවතිනවා. එය අපට අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගවල යෙදවිය හැකියි. බදු ක්‍රමයන් තවමත් මෙම ගැටලුවෙන් බැහැරවයි පවතින්නේ. ආර්ථික අවධානම්වලට මුහුණ දෙන මධ්‍ය ආදායම් ලබන රටවල් ද ඇතුළුව, තවත් රටවල් සමඟ අප සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ විය යුතුයි.

2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතලකම සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව  රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් තිබුණද, එහි තත්ත්වය හෝ ණය පීඩාව හේතුවෙන් රටට කිසිදු විදේශ සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබී නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා මෙම තත්ත්වයන්ට ගැළපෙන සාකච්ඡා නොවන බව මම ඔබට පැවසිය යුතුයි.එය තවමත් පෙර පැවති පැරණි සාකච්ඡා ක්‍රමයමයි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? බ්‍රිජ්ටවුන් මුලපිරීමේ සිට එය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට යෝජනා රාශියක් තිබෙනවා. පැරිස් දේශගුණ සමුළුවේ මාර්ග සිතියම සකස් කරමින් සිටිනවා.

මම දැන් එයට වැඩි යමක් එකතු කරන්නේ නෑ. මම කියන්නේ තෝරා ගැනීමක් සිදු කරන ලෙස පමණයි. ඒ අනුව අපි ක්‍රියා කරමු. එහෙත් පවතින තත්ත්වය උග්‍ර වී ඇත්තේ ණය ඉල්ලීම, තීරණාත්මක අවශ්‍යතාවයක් පැවතීම සහ වෙළඳාම, ආයෝජනය, ප්‍රාග්ධනය, තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා විවෘත ප්‍රවේශයක් පැවතීම ඇතුළු  පවතින ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග නිසයි.

එහෙත් අවාසනාවකට මෙන්, මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික තත්ත්වයන් එවැනි වෙළඳපොල සාර්ථකත්වයක් සඳහා තර්ජනයක් වෙමින් තිබෙනවා. බෲකින්ස් ආයතනයේ ජේක් සුලිවන්ගේ දේශනයේදී වොෂින්ටන් සම්මුතිය ප්‍රතික්ෂේප වුණා. අවදානම ඉවත් කිරීම සහ විසංයෝජනය කිරීමේ නව සංකල්පය සමඟ, වොෂින්ටන් සම්මුතිය අනුගමනය කිරීමට බල කෙරුණු සංවර්ධනය වෙමින් පවතින දකුණේ රටවලට, දැන් අප සමඟ සාකච්ඡා නොකරම අංශක 180 ක් හැරී ආපසු ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා. බෲකින්ස් කතාවේ සිට, එය කුමක් වුවත්, පවතින ක්‍රමවේදය වෙනස් කරන ලෙස අපෙන් ඉල්ලා තිබෙනවා. අපට එයට ඇතුල් වෙන ලෙස ඔවුන් බල කළා. දැන් ඔවුන් අපිට කියනවා මෙය තවදුරටත් අපට අදාළ නැහැ කියලා.

ඒ වගේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස , ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙනවා. මේ නිසා අනෙකුත් රටවල් අප දෙස සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙනවා. මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් වනු ඇති අතර, මේ හරහා ගෝලීය වශයෙන් සිදුවී තිබෙන ධ්‍රැවීකරණය වඩාත් පැහැදිළිව දර්ශනය වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටිනවා. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවෙයි.

ඇමරිකා එක්සත් ජනපදය 2024 දී පැවැත්වෙන ඔවුන්ගේ මැතිවරණය සඳහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ මෙහි නායකත්වය ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ.එම තත්ත්වය මේ වන විට රික්තයක් නිර්මාණය කරමින් සිටිනවා, මන්ද එක්සත් ජනපදයට නව පාලනයක් අවශ්‍ය නම්, එක්සත් ජනපදය ඒ සඳහා නායකත්වය දිය යුතුයි. නමුත් අපි දන්නවා මෙතැන් සිට ලබන වසර අවසානය දක්වා, ඔවුන් 2024 මැතිවරණයට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට පටන් ගන්නා නිසා එම නායකත්වය ගැනීමට ඇති අවධානය ක්‍රමයෙන් අඩු වෙනවා.

ඒ වගේම, අනෙක් අතට බ්‍රික්ස් රටවල් අද වන විට  G7 සහ කොඩ් සාමාජික රටවල් වෙත අභියෝගයක් වී තිබෙනවා.

ගෝලීය දකුණේ රටවල් දැන් විකල්ප නායකත්වයක් සොයමින් සිටිනවා. ඒ වගේම G20 කණ්ඩායම පසුබැස ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි 2024දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළයුතුයි.

කවුද මේ කාර්යයභාරය ඉටු කරන්නේ? ඒ නිසා මම හිතන්නේ යුරෝපා සංගමයට  අනෙක් රටවල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් මේ තුළ පවතින බවයි.ඒ සඳහා වෙන කිසිවෙක් නැහැ.

ඒ නිසා G20 සහ බ්‍රික්ස් රටවල්  (BRICS) , ඇමරිකා එක්සත් ජනපදය සහ ඒවා නියෝජනය නොකරන වෙනත් තෝරාගත් ආසියානු සහ අප්‍රිකානු රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව සංවර්ධන බැංකුව (NDB) ඇතුළු  මූල්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන සියල්ල එකම වේදිකාවකට ගැනීමෙන්  හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකි බව මම යුරෝපා සංගමයට යෝජනා කරනවා.

2024 අප ක්‍රියාත්මක විය යුතු වසරයි.  අද පවතින ගෝලීය යථාර්ථයන් වඩාත් හොඳින් පිළිබිඹු කරන සහ අවශ්‍ය අයට ඵලදායී නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් අප ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා ඔබට ඉදිරිපත් විය හැකියි. අපට සම්පත් තිබෙනනවා, විසඳුම් තිබෙනවා, එය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය පමණයි.

අප එය කඩිනමින් කළ යුතු වෙනවා. මේ සඳහා අපට බටහිර හා චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඒ වගේම යුරෝපා සංගමය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. එසේ සිදු නොවුණහොත් අපට ඉදිරියට යා නොහැකියි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඉන්දු – ලංකා ආරක්ෂක ප්‍රධානීන් හමුවේ (ඡායා)

Published

on

By

දිවයිනේ නිල සංචාරයකට සහභාගීව සිටින ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දුත පිරිස අද (ජුනි 05) දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. 

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මැතිතුමා ද මෙම සාකච්ඡා වලට සහභාගී විය.

දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, ආරක්‍ෂක ධාරිතාවයන් ඉහළ නැංවීම, හදිසි තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ සදහා සහය වීම  සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු විය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමග පැවති හමුව අතරතුරදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කල අතර, විශේෂයෙන් අසීරු අවස්ථාවන්හි දී ඉන්දියාව විසින් අප වෙත ලබා දුන් සහයෝගයන් වෙනුවෙන් ඉන්දීය ජනතාවට සහ රජයට සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවේදී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තුතිය පුද කරන බව ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වූ ඉන්දීය නිලධාරීන්, ඉන්දු – ශ්‍රී ලංකා සමීප මෙන්ම මිත්‍රශීලී සම්බන්ධතාවය වෙනුවෙන් තම රට කැපවී ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ අතර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව තහවුරු කිරීමට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කලහ.

දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමටත්, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ හමුදාමය ධාරිතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට කැපවී ක්‍රියා කරන බවට ද, දෙපාර්ශ්වයම මෙහිදී එකඟ විය.

(defence.lk)

Continue Reading

පුවත්

කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරන්න සූදානමක්!

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය.
වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය.  

වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපි 6 ක් යොමු කළ ද අවම වශයෙන් ලිපි ලැබුණ බවට හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ථයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත්කිරීමට අමාත්‍යවරයා පසුගියදා ගත් තීරණය අගය කරන බවත් වරාය සහ නාවික කටයුතු පිළිබඳව හසල දැනුමත් තිබූ වරාය අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉවත්වීම පිළිබඳව ද අමාත්‍යවරයා අවදානය යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතිය වරායේ එකම වෘත්තීය සමිතිය නොවන්නේ යැයි වරාය අමාත්‍ය බිමල් රත්නායක මහතා මතකයේ තබාගත යුතු බව කී සුමනරත්න මහතා ඩොලර් බිලියනයක් වැයකර ඉදිකළ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන්නේ යැයි පාලකයන්ට මතක් කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනය කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය මෙම මස 30 වැනිදා වන විට විවෘත කළ හැකි යැයි ජනාධිපති අනුර කුමාර මහතා රවටා ඇති බවත් එම පර්යන්ථය තවත් වසර එකහමාරකින්වත් විවෘත කළ නොහැකි බවත් ශ්‍යාමාල් සුමනරත්න මහතා කීය.

වරාය සේවකයන් දිවිහිමියෙන් රැකගත් නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් නියමිත පරිදි ක්‍රියාත්මක කළේ නම් ලබන සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී සුමනරත්න මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පත්කළ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි.

විජිත හේරත් මහතා වරාය ඇමතිවරයා ලෙස පත්කළ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පරිපාලනය නිලධාරීන් මාරු කිරීම සහ ටෙන්ඩර් අවලංගු කිරීම ආදි පර්යන්තයේ ඉදිකිරීම් අඩපණ කිරීමට කළ කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්ථය කටයුතු ආරම්භ කිරීමට තවත් වසර කීපයක් ගතවනු ඇති බවත් එසේ වුවහොත් නැව් සමාගම් කොළඹ වරාය අතහැර දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

නැගෙනහිර බහලුම් පර්යන්ථයේ බහලුම් ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යෙන් තිබිය යුතු උපකරණ වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ මිලදීගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව අවලංගු කළ ද මේ දක්වා එම ටෙන්ඩරය කැඳවීමට හෝ කටයුතු කර නොමැති බව කී සුමනරත්න මහතා එම උපකරණය හිටිහැටිය ඇනවුම්කළ නොහැකි එකක් වීම නිසා එය ලබාගැනීමට අවම වශයෙන් දින 200 ක් ගතවනු ඇති බවත්ය.

නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය, ප්‍රවාහන උපාංග, පුහුණු සේවකයන් බඳවා ගැනීම ඇතුළු බොහෝ දේ ඉටුකර නොමැති අතර කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනස් කළේ යැයි කියන එම පර්යන්ථයේ මාර්ගයේ කටයුතු වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුවක නිර්දේශයක් මත මේ වන විට නැවතී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව රජය බලයට ගෙන ඒමට ආණ්ඩුවට සහය දැක්වූ වෘත්තීය සමිතිය වරාය සේවකයන්ට බලාපොරොත්තු රැසක් දුන්න ද එම එකම පොරොන්දුවක් හෝ ඉටුකිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බවත් වරාය අධිකාරියේ පරිපාලනයට එරෙහිව හඩනඟන වෘත්තිය සමිති නායකයන් විවිධ ක්‍රමවලින් මර්ධනය කිරීමට සූදානම් වුවද ඒවා සාර්ථක නොවන බවත් ඒ මහතා කීය.

ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංකා, නිදහස් සේවක සංගමයේ සභාපති ඉන්දික සමරවික්‍රම සහ එක්සත් සේවක සංගමයේ සභාපති ඩික්සන් ගෝමස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

කඩවත-මිරීගම අධිවේගයේ වැඩ අගෝස්තුවේ සිට

Published

on

By

දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇකැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පව සා සිටියේ මේ වන විටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවයි. 

මේ අතර, චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවෙක් විසින් නුදුරු අනාගතයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved