පුවත්

ජනපති රාජාභිෂේකයට ලන්ඩනයට යයි!

Published

on

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබ‌ේ හිදී ලබන 6 වැනිදා පැවැත්වෙයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.

රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

Trending

Exit mobile version