පුවත්

ජනපති සුරතින් විවෘත වූ  “නිහොන්බෂි”

Published

on

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි දී  මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතාගේ සංකල්පයක් අනුව පළමු නිහොන්බෂි ජපන් අවන්හල ආරම්භ විය.

එතැන් සිට ගෙවීගිය වසර 29ක් පුරා දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස විදීමට ඒ ඔස්සේ කැකිවිය.

අවන්හල නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත වූයේය.

එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

Trending

Exit mobile version