පුවත්

ජනපති හදිසියේම නීතිපති කැඳවයි

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 06) පස්වරුවේ නීතිපතිවරයාව කැඳවා කරුණු විමසීමක් සිදුකර තිබේ.

ඒ, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් කර ඇති නිර්දේශය සම්බන්ධයෙනි.

ඒ අනුව ඊයේ පස්වරු 1.45 ට පමණ නීතිපති පාරින්ද රණසිංහ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති අතර පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු පස්වරු 04.00 ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද එක්ව සිටි බව වාර්තා විය.

Trending

Exit mobile version