පුවත්

ජල ගාස්තු වලටත් සූත්‍රයක්

Published

on

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා කීය.

යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ඔහු පැවසුවේ, එමගින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම ලබාදෙන බවයි.

වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේ ය.

Trending

Exit mobile version