පුවත්

ජල ගාස්තු සඳහා නව සූත්‍රයක්

Published

on

ඉදිරි මාස කිහිපය තුළ ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පවසයි.

මෙවර සිදුවූ ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම මෙවර ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ද ඔහු සඳහන් කරයි.

Trending

Exit mobile version