ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව මාධ්‍ය අමතමිනි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ව ජනතාව ආරක්ෂා කර ගැනීම සිය අපේක්ෂාව බවයි.