පුවත්

ඖෂධ වර්ග 60ක මිල අඩු කරන්න කැබිනට් අනුමැතිය (Update)

Published

on

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමත් සමග, ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 2023-06-15 දින සිට බලාත්මක වන පරිදි 16%කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

තවද, සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

—————————————-

පෙර පුවත : 2023 ජුනි 05 ප.ව. 8:49

ජුනි 15 සිට ඖෂධ මිල පහළට – ඇමති

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15දා සිට 16%කින් අඩුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

අදාල බලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පවසයි.

Trending

Exit mobile version