පුවත්

ජූලි 06 සිට ලොතරැයි විකිණීමෙන් ඉවත් වෙනවා – අලෙවිකරුවන්

Published

on

ලොතරැයි පතක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවනු ඇතැයි ලොතරැයි අලෙවි නියෝජිතයන් අනතුරු අඟවයි.

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඊයේ (29) නිවේදනය කර තිබුණේ ජූලි 06දා සිට ක්‍රියාත්මක වන පරිදි රු. 20ක ලොතරැයි පතක මිල රු. 40ක් වන බවයි.
අද (30) පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවය.

එබැවින් ජූලි 06දා සිට ලොතරැයි අලෙවිකරුවන්, මෙම මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව මාරඹගේ මහතා පවසයි.

සබැඳි පුවත් :

Trending

Exit mobile version