පුවත්

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Published

on

ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිරදඬුවමක් නියම වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රතික්ෂේප කලේය.

ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් මෙම ඇප ඉල්ලීම සිදුකලහ.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය.

2016 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට අපහාස කළ බවට චෝදනා කරමින් නඩුවක් ගොනුකෙරුණි.

එම නඩුව විභාග කිරීමෙන් පසුවයි උන්වහන්සේ වරදකරු බවට තීන්දු විය.

ඒ අනුවයි මාස 9ක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

ඊට අමතරව ඥානසාර හිමියන්ට රුපියල් 1500ක දඩයක් ද අධිකරණය නියම කලේය.


(පෙර පුවත 2024 ජනවාරි 09 ප. ව 12:05)

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) මෙම නියෝගය ලබා දෙන ලදී.

ඊට අමතරව රුපියල් 1500 ක දඩයක් නියම කරන බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කලේය.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

Trending

Exit mobile version