පුවත්

ඩයනාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග ( Update )

Published

on

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


(පෙර පුව​ත: 2025 පෙබරවාරි 06, පෙ.ව.11:13)

ඩයනා ගමගේට වරෙන්තු

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කලාය.

ආගමන හා විගමන පනත යටතේ ගැනෙන චෝදනාවලට ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කිරීම සිදු කරන ලදී.

Trending

Exit mobile version