පුවත්

තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

Published

on

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ.

2024 ඔක්තෝම්බර් 04දා මෙම ධූරයට පත්වූ ඔහු, නව රජය යටතේ, පසුගිය සති කිහිපය තුළ ඉල්ලා අස්වූ පස්වැනි සභාපතිවරයාය.

මේ දක්වා රූපවාහිනි සංස්ථාවේ සභාපති වූ සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වූ වෛද්‍ය රුවන් විජේමුණි මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වූ රමාල් සිරිවර්ධන මහතා මීට කලින් සිය ධූර වලින් ඉල්ලා අස්වී තිබුණු අතර, අද (31) පෙරවරුවේ වාර්තා වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.බී.එම් රණතුංග මහතාද ඉල්ලා අස්වී ඇති බවයි.

සබැඳි පුවත් :

සිව්වන සභාපතිත් ඉල්ලා අස්වෙයි

විජිත පත් කළ, වෛද්‍ය විජේමුනිත් සභාපතිකමින් ඉල්ලා අස්වෙලා වෙලා!, අරෝෂා වැඩ අල්ලලා

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Trending

Exit mobile version