පුවත්

තාඹුගලට රහස්‍ය ප්‍රකාශයක් සඳහා අවසර

Published

on

රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ නොසිටි බව සඳහන් වේ.

ඒ අනුව, තමන්ට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින්  නියම කරන ලදී.

සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/තාඹුගලගෙන්-කෝටි-30ක-කප්පමක/
https://sinhala.srilankamirror.com/news/තාඹුගලට-ඇප/
https://sinhala.srilankamirror.com/news/අවුරා-ලංකා-සභාපති-රිමාන්/

Trending

Exit mobile version