පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එහි සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා සඳහන් කළේ, අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී.
රජයේ මුද්‍රණාලය විසින් සියලු පළාත් පාලන ආයතනවලට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් බවත් අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදුන් බවත් මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා විසින් පවසන ලදී.
සබැඳි පුවත්