ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වෘත්තීය සමිතිවල සිටියාට තෙල් සංස්ථාව පාලනය සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා බව හිටපු විදුලි බල සහ බලශක්ති ඇමැතිවරයෙක් වන පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.
ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රශ්න විසඳන්නේ තග දමා බවත් ඒවායේ ප්‍රතිඵල අනාගතයේ ලැබෙනු ඇති බවත් හිටපු ඇමැතිවරයා පැවැසුවේය.
මෙම සභාපතිවරයා සංස්ථාව පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට හොඳම උදාහරණය මේ දිනවල ඇතිවී තිබෙන ඉන්ධන බෙදුම්කරුවන්ගේ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ඔහු කටයුතු කරන ආකාරය බව ද ඔහු පැවසීය.
එමෙන්ම ඔහු එහිදී පැවැසුවේ තමන් ද බලශක්ති ඇමැතිවරයකු ලෙස කටයුතු කළ බවත් සාමාන්‍යයෙන් බෙදුම්කරුවන්ට සියයට තුනක වට්ටම් මුදලක් ලබාදෙන බවත් ය.
බෙදුම්කරුවන්ට හිමිවෙන මෙම සියයට තුනේ මුදල යුක්තිසහගත ද නැද්ද යන්න සොයා බලා ඔවුන් සමග සාකච්ඡා කොට ඉන් පසු තීරණයක් ගත යුතු බවත් එලෙස සිදුනොකර තග දමා මෙම ප්‍රශ්නය සභාපතිවරයාට විසඳිය නොහැකි බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය.