ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත්ය.
ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙසයි.