පුවත්

තේරීම් කමිටු මාෆියාව CIDයට – ක්‍රීඩා ඇමති

Published

on

මෙරට ජාතික ක්‍රිකට් පිලට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී එක්තරා ආගමික නිකායක් සරණ ගිය ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත් වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට තමා තීරණය කර ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කියයි.

ඒ මහතා සතිඅන්ත පුවත්පතකට මේ බව පවසා ඇති අතර, බලෙන් මූලධර්මවාදී ආගමික නිකායකට ක්‍රීඩකයන් බඳවා ගැනීම බරපතළ වැරදි ක්‍රියාවක් බව ඔහුත් අවධාරණය කර තිබේ.

ක්‍රීඩා ඇමැතිවරයා හෙළි කළේ මූලධර්මවාදී කල්ලි වලට සම්බන්ධ අය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල සිටින බව ද ඉන් අන් අයට අගතියක් මෙන්ම අසාධාරණයක් සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි.

මේ අතර තතු දත් ආරංචි මාර්ග හෙළි කළේ මෙම මූලධර්මවාදී ආගමික කණ්ඩායමේ කේන්ද්‍රස්ථානය කටුනායක වේයන්ගොඩ මාර්ගයේ පිහිටා ඇති බවයි.

Trending

Exit mobile version