පුවත්

දකුණ – ඇල්ල සංචාරක කලාප වලට හෙට සිට රාත්‍රී විදුලි කප්පාදු නෑ

Published

on

දකුණු සහ ඇල්ල සංචාරක කලාපය හෙට (01) සිට රාත්‍රී කාලයේදී සිදුකරන පැය 1 විනාඩි 20 විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

කෙසේවුවත්, නමුත් දිවයින පුරා දිවා කාලයේ පැයක කාලයක් පුරාවට හාරාත්‍රී කාලයේ තුළ පැය 1යි විනාඩි 20ක කාලයක් පුරාවට සිදුකරන විදුලි කප්පාදුව දෙසැම්බර් 15දා දක්වා අඛණ්ඩව සිදු කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසයි.

දෙසැම්බර් 15දා ගල් අඟුරු බලාගාරයේ 3 වන ඒකකය විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතව තිබීමත් සමඟ සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් වන බවත්, දිවයින පුරා රාත්‍රී විදුලි කප්පාදුව පැයක කාලයක් දක්වා අඩුකරන බවද ඔහු පවසයි.

තවද, නත්තල් දින හා අලුත් අවුරුදු දිනයේදී විදුලිය විසන්ධි වීමක් සිදුනොකරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version