මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේ අද (14) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
පස්වරු 7.30ට පමණ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදුවී ඇති බව, පොලිසිය සඳහන් කළේය.
අදාළ අනතුරින් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.
ඔවුන් මේ වනවිට විල්ගමුව රෝහලට ඇති කළ ඇති බවටයි තොරතුරු වාර්තා වේ.
දඹුල්ල – මහියංගණය මාර්ගයේ එලවාකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැන් රථයක ගැටී තිබුණි.
බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් සහ වෑන් රථයේ සිටි එක් අයෙක් මෙලෙස මිය ගොස් ඇති බව සඳහන්ය.
බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී මෙම අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් ක්‍රියාත්මකය.