පුවත්

දුම්රියක් කළුතර දි පිලිපනී

Published

on

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව වාර්තා වේ.

මරදාන සිට දකුණු කළුතර බලා ඊයේ (05) රාත්‍රියේ ධාවනය වූ දුම්රියක් දුම්රිය අංගනයට යොමු කිරීමේදී මෙසේ පීලි පැන ඇතැයි පැවසේ.

පීලි පැන ඇති දුම්රිය අද උදෑසන හතට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අතර, එය අවලංගු කළ බවද සඳහන්වේ.

කෙසේවෙතත්, අනෙක් මං තීරුවෙන් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දැක ගත හැකිවිය.

Trending

Exit mobile version