රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයකි.
මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරණි.
අද එහි කාරක සභා අවස්ථාව පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂය විසින් ඊට සංශෝධන ඉදිරිපත් කරනු ලැබුණි.
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණි.