පුවත්

දේශීය පොල්තෙල් නිෂ්පාදකයෝ මිල උස්සන යටිකුට්ටු වැඩක

Published

on

සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියාගන්නා පිරිසක් දේශීය වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමේ යටිකුට්ටු සැලැසුමක සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ  මහතා කියා සිටින්න‌ේ වෙළෙඳපොළට සැපයුම අඩාල කර කෘත්‍රිම හිඟයක් ඇති කරමින් පොල්තෙල් මිල ඉහළ දැමීම මෙම පිරිසේ අරමුණ බවයි.

දැනට වෙළෙඳපොළේ පොල් ගෙඩියක් රුපියල් 120, 130 වැනි ඉහළ මිලකට අලෙවි වන බවත් ඔහු කියා සිටී.

එසේ පොල් මිල ඉහළ ගිය ද සැපයුමේ කාර්යක්ෂමතාව නිසා මේවන විට වෙළෙඳපොළේ සාධාරණ මිලකට පොල්තෙල් අලෙවි කරන බවත් ඔහු පැවසීය.

Trending

Exit mobile version