ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ සිය නඩු විභාගය, ඉදිරියේදී ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙසයි.
ධනුෂ්කගේ නීතීඥයින් විසින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල් දමන ලෙසට ද ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඔහුගේ නීතීඥවරුන් කරනු ලැබූ මෙම ඉල්ලීම සම්බන්ධ තීරණය ලබන 24 වනදා ලබාදෙන බවට අධිකරණය එහිදී දන්වා ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී නොවැම්බර් 06දා අත්අඩංගුවට ගැණුනි.
අනතුරුව ඔහුට එරෙහිව චෝදනා 04 ක් ගොණු කෙරුණු අතර පසුව ඉන් චෝදනා 03 ක් විමර්ශන නිළධාරීන් විසින් ඉවත් කරගනු ලැබුණි.