පුවත්

නව යුදහමුදාපති ලසන්ත

Published

on

නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

 ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා වනු ඇත.

යුද හමුදාපති විකුම් ලියනගේට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග යුද හමුදාපති ධූරය සඳහා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර, හා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් චන්දන වික්‍රමසිංහ සටනක සිටියේය.

එහෙත් යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි පැවසේ.

සබැඳි පුවත්

Trending

Exit mobile version