Connect with us

පුවත්

නව සන්ධානයේ නියෝජ්‍ය නායකකම ඩලස්ට දෙන්න බෑ කියලා

Published

on

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිත නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී ඇතයි ‘දේශය’ ඉරිදා ජාතික පුවත්පත වාර්තා කර තිබේ.

එහෙත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මහතාටත්, මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාටත් හිමිවනු ඇති බවත්, නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ද එහි දැක්වේ.

කෙසේවුවද, අදාළ ඉල්ලීම කර ඇති හිටපු ඇමතිවරයා ඩලස් අලහප්පෙරුම මහතා බව මේ වන විට හෛළිව තිබේ.

පුවත්

වැසි තත්ත්වය සමඟ නායයෑම් සහ ගංවතුර ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්මේතන්තුව පවසයි.

ඒ අනුව දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය, ඌරු බොකු ඔය, කලා ඔය, මහවැලි ගඟ, මල්වතු ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ගංවතුර අවධානමකට ලක්විය හැකි බව දැනුම්දී තිබේ.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රජරට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය ජලාශයේ ජල මට්ටම අඩි 31ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,100 බැගින් ජලය මුදා හැරේ.

අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක ද විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටී.

මේ අතර, පසුගිය දින කිහිපයේදී ඇල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග සක්‍රීය වූ කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

අවස්ථා කිහිපයකදීම පස් කඳු කඩාවැටීම හා ගල් පෙරළීම් වාර්තා වූ ඇල්ල වැල්ලවාය මාර්ගය ඊයේ (17) රාත්‍රියේ ද රථ වාහනයට වසා දැමීම සිදුවිය.මාර්ගය යළි විවෘත කෙරුණේ අද (18) පෙරවරු 6.00 ටය.

කෙසේවෙතත් මෙම මාර්ගයට අධික ලෙස රොන් මඩ ගලා ඒමක් නිරීක්ෂණය වෙයි.මේ හේතුවෙන් නිරන්තරයෙන් මාර්ගයට ගලා එන මඩ සහ පස් ඉවත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තද වැසි පවතින අවසථාවලදී මාර්ගය තාවකාලිකව වසා දැමීම, අනතුරු හැඟවීමට මාර්ගයේ සංඥාකරුවන් යොදවා රථවාහන ධාවනය කිරීමට සැලැස්වීම, රාත්‍රී කාලවලදී විදුලි පහන් සවිකර අනතුරුදායක ස්ථානය ආලෝකමත් කිරීමට කටයුතු කිරීම ඇතුළු පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා රජයට ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස  දැනුම්දෙයි

Published

on

By

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවය.

අතුරුදන් කිරීම්වලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකිකයින් කිසිදා අමතක නොකළ යුතු බවට මෙම වාර්තා මගින් යළිත් සිහිකැඳවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

බොහෝ කාලයක සිටි අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට බලා සිටින ඥාතීන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් පවතින බවත් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ට රජය ණයගැති බවත් වෝල්කර් ටර්ක් මහතා එම වාර්තාව හරහා දන්වා තිබේ.

මෙවැනි අපරාධ ඒවාට මුහුණ දුන් පිරිසට පමණක් නොව සමාජයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම කම්පනය දනවන සුළු බව වාර්තාවේ දැක්වෙයි.

අතුරුදන් කිරීම්වලින් සියලුම පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම වැනි ධනාත්මක පියවර අනුගමනය කර තිබුණත් ඒක පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශන කිරීම් සීමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ අවධාරණය කර ඇත.

අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව සෑම තොරතුරක්ම අනාවරණය වන තෙක් විමර්ශන සිදුකිරීමට රජය බැඳී සිටින බවට වන ජාත්‍යන්තර නීතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මතය බව සඳහන් ය.

සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබුණත්, අතුරුදන් කිරීමේ පළමු රැල්ල ආරම්භ වී දශක ගණනාවක් ගතවී තිබුණත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම අවධාරණය කරන්නේ දශක ගණනාවක් පුරා සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගවීම සහතික කළ යුතු බවය.

Continue Reading

පුවත්

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

Published

on

By

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බේරුවල සිට ගාල්ල හරහා හම්බන්‍තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව එම නිවේදනයේ සඳහන්ය.

කල්පිටිය සිට කොළඹ හරහා ‍බේරුවල දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50 -60 දක්වා වැඩි වන අතර එම මුහුද විටින් විට රළු වන බවයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved