පුවත්

නාමල් , සාගර සුමන්දිරන් හමු වෙයි

Published

on

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද (10) පෙරවරුවේ  එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වේ.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගි වී ඇති බව සඳහන්.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version