රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අද දිනට නියමිතව තිබූ නඩු විභාගය ලබන ජුනි 12 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය නියෝගය කලේය.
ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විදේශගතවී සිටීම සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ සීමිත විරෝධතා විනිසුරුවරුන් වෙත නොලැබීම හේතුවෙනි.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව අද(27) කැඳවීය.
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව තොරතුරු ලැබී තිබියදීත් ප්‍රමාණවත් ලෙස එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස නියෝගයක් ඉල්ලමින් මෙම නඩුව පවරා තිබේ.
ඒ සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු විසිනි.