Connect with us

පුවත්

“නිල නිවසේ චන්න හිටියේ බලෙන් නෙවෙයි; අධිකරණයට ‌මෝසමක්”

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ නිල නිවාසයේ  රැඳී සිටියේ මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව බව ඒ් මහතා‌ගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජයසුමන මහතා ඇමති ධූරය දැරූඋ සමයේ ලබා දී තිබූ නිල නිවසේ බලහත්කාරයෙන් රුදී සිටියදී ඉන් නෙරපා හැරීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් ලබා දී ඇති බවට දිනමි පුවත් පතේ පලව තිබූ පුවතට අදාලව මේ නිවේදනය නිකුත්කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

චන්න ජයසුමන නිල නිවසේ බලෙන් රැඳී සිටියාද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවත් දක්වන පුවතක් දිනමිණ පුවත්පතේ පළ වී ඇත.

එ මහතා නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමෙන් ලබාදුන් තීන්දුවකට අනුවයි. 

2022 මැයි මස 9 වෙනි දින නිවාස ගිනි තැබීම් වලින් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වන්දි ලබා දීමේදී සිදුවන අසාධාරණය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව තවදුරටත් නිල නිවාසය රැඳී සිටීමට චන්න ජයසුමන මහතාට අවස්ථාව හිමි විය. එසේ රැඳී සිටි කාලසීමාවට අදාළව නිවාස කුලී සහ අනිකුත් සියලුම ගෙවීම් මන්ත්‍රීවරයා සිදු කර ඇත.

මේ සම්බන්ධව නීතිමය කෘත්‍යයක් සිදුවන බව මන්ත්‍රීවරයා දැනුවත්ව සිට නැති අතර, මෝසමක් මගින් ගරු අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

මාධ්‍ය ලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

සබැඳි පුවත්
රජයේ නිල නිවසක බලෙන් සිටි චන්න ජයසුමන එළියට දායි

පුවත්

ජනපති රනිල්ගෙන් ඉරානයට ශෝක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.

ඔවුන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බව එහි සඳහන් වේ.

එමෙන් ම ශෝකයට පත් වූ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

Continue Reading

පුවත්

ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනාහිමිවරු ඉල්ලති

Published

on

By

ලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගියක් ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර 07ක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහත දැක්වෙයි.

Continue Reading

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved