පුවත්

නිහඬ කාලසීමාවෙත් මැතිවරණ නීති උල්ලංඝනය කරලා

Published

on

නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කලේය.

ඉන් පැමිණිලි 30ක් නීති විරෝධී ප්‍රචාරණ කටයුතුය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයේ මේ දක්වා කාලය, සාමකාමීව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේය.

ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ, රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක්ද මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු බවය.

Trending

Exit mobile version