පුවත්

නොරොච්චෝලේ අනිද්දා සිට යථාතත්වයට

Published

on

නොරොච්චෝලේ බලාගාරය ලබන බ්‍රහස්පතින්දා(13) වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බවය.

දිවයින කලාප හතරකට වෙන්කර අද(11) දිනයේත් විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සිදු වේ.

පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම කළමනාකරණය සිදු කෙරෙනු ඇත.

ඒ අනුව සෑම කලාපයකම පැය 01 යි විනාඩි 30 ක කාලයක් විදුලිය සැපයුම කප්පාදු කෙරෙනු ලැබේ.

ඒ සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කලේය.

ඒ අනුව A B C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ පැය එක හමාරක විදුලි කප්පාදුවක් සිදු වෙනු ඇත.

E F G H U සහ V කලාපවලට විදුලිය විසන්ධි කෙරෙන්නේ පස්වරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළය.

I J K L P සහ Q යන කලාපවලට පස්වරු 6.30 ත් 8.30 ත් අතර කාලය තුළ පැය එක හමාරක් විදුලිය විසන්ධි කරනු ඇත

R S T සහ W කලාපවලට පස්වරු 8.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Trending

Exit mobile version