පුවත්

පළතුරු නිෂ්පාදනය හා වාණිජකරණය ගැන චීන – FAO ව්‍යාපෘතියක්

Published

on

ශ්‍රී ලංකාවේ අඹ, අන්නාසි හා කෙසෙල් සඳහා ඵලදායිතාව, නිෂ්පාදනය සහ වාණිජකරණය ඉහළ නැංවීම සඳහා චීන විශේෂඥයින් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි වසර 2.5 තුළ ශ්‍රී ලංකාව හා කටයුතු කිරීම අරඹා ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

 මොවුන් මෙසේ එක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා චීනය එක්ව ඇරඹූ ඩොලර් මිලියන 1.5 ක ව්‍යාපෘතියකටය.

මෙම ව්‍යාපෘතිය කළුතර, ගම්පහ, මොණරාගල, අනුරාධපුර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව හුවමාරු කරගත් තාක්‍ෂණය සහ ප්‍රවීණ දැනුම මගින් ශ්‍රී ලංකාවෙන් උසස් තත්ත්වයේ පලතුරු ගෝලීය වෙළෙඳපොළ වෙත වේගයෙන් ළඟා වීම සහතික කරනු ඇතැයි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version