පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙසේ ඉවත්වන්නැයි දැනුම් දී ඇත්තේ නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට බව පැවසේ.
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව දක්වමින් මොවුන්ට ඉවත්වන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේවුවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටීමෙන් පසුව මෙම දැනුම්දීම සිදු කර ඇතැයි පැවසේ.
අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයෙන් පසුව සිදු කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
සබැදි පුවත්
මධුර හා සනත්ලාගේ කුණු කේස් ආණ්ඩුකාරවරු ගෙදර යවයි?