පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (03) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කළේය.
මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වීමෙන් අනතුරුව නියෝගය නිකුත් කෙරුණි.
දැනට භාරගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාමයෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම හෙට දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධීකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබුණි.