පුවත්

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට

Published

on

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසිනි.

මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද ඒ සමග යොමු කර ඇති බවය.

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේය.

ඔහු සඳහන් කළේ, එම කටයුතු සිදුවූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවය.

පළාත් පාලන මැතිවරණය ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරදී පැවසුවේය.

Trending

Exit mobile version