පුවත්

පාඩු ලබන රූපවාහිනියෙන් අරින වෙබ් රේඩියෝව

Published

on

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස අනාවරණය වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව අද (14) වැනිදා තවත් වෙබ් රේඩියෝවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබීම බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ.

එය Ru Radio ලෙස නම් කර ඇති අතර https://rupavahini.lk/ru-radio ඔස්සේ එයට සවන් දිය හැකි බව වාර්තා වේ.

අද (14) ආදරවන්තයින්ගේ දිනයේදී සැමරෙන රූපවාහිනීයේ 42 වැනි සංවත්සරය වෙනුවෙන් Ru Radio හි නිල විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම වෙබ් රේඩියෝව එහි ප්‍රධානියකුට අයත් පෞද්ගලික තොරතුරු තාක්ෂණික සමාගමක් වන OLAK Technologies (Pvt) Ltd විසින් නිර්මානය කරන ලද්දක් බවද පැවසේ.‍

පසුගිය කාලයේදී අර්බුද රාශියකට මුහුණ දුන් රූපවාහිනිය සේවක පඩි ගෙවා ගැනීමට නොහැකිවීම මෙන්ම එහි විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිවීම ඇතුළු ප්‍රාථමික වියහියදම් ද පියවා ගැනීමට නොහැකිවීම නිසා අපහසුතාවට පත් විය.

වරක් එහි මූලික වියදම් පියවා ගැනීමට නොහැකිව රූපවාහිනී නාලිකාවක් පවා බදු දීමට කටයුතු කර තිබිණි.

මූලාශ්‍රය – newday.lk

සබැඳි පුවත්:
රටටම VAT ගෙවන්න කියන රූපවාහිනිය අවුරුදු 5ක් VAT ගෙවලා නෑ 
රූපවාහිනියේ මනි ලොන්ඩ්‍රියක් දාලා?: කාටද මේ බොරු කරන්නේ 
රූපවාහිනිය අඟහරුවාදා සිට අඳුරේ? 
නොදන්න නිවුස් ගහන්න ගිහින් රූපවාහිනිය ඇනගනියි! 

රූපවාහිනියේ කරන්ට් කපලා! 

Trending

Exit mobile version