පුවත්

රූපවාහිනිය අඟහරුවාදා සිට අඳුරේ?

Published

on

විදුලිබල මණ්ඩලය විසින් හෙට (04) ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

ඒ හිඟ බිල්පත් ගෙවීමට විදුලි බල මණ්ඩලයේ එකගතාවය ඇතුව සකස් කරගත් ‌එය ගෙවා දැමීමේ සැලැසුමට අනුව රූපවාහිනිය එහි මුදල් නොගෙවීම නිසාය.

මේ වන විට ජාතික රූපවාහිනිය විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 25ක විදූලි බිලක් ගෙවිය යුතුව ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනවල එහි සිටි හිටපු සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා විසින් අදාල විදුලි බිල ගෙවීම සදහා විදුලිබල මණ්ඩලයෙන් වරින් වර සහන ලබාගෙන එහි විදුලිය අඛණ්ඩව පවත්වාගැනීමට කටයුතු කර ඇත.

කෙසේවුවද, ජාතික රූපවාහිනිය ටෙලිකොම් ආයතනයට ද රුපියල් මිලියන 27කට ආසන්න මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි පැවසේ.

මේවන විට ජාතික රූපවාහිනියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකම හිස්ව ඇති අතර ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ඊ.එම්.එස්.බී. ජයසුන්දර මහතාව පත් කර තිබේ.

සබැදි පුවත්:

රූපවාහිනියේ මුල් පුටු දෙකම හිස්වෙයි 

රූපවාහිනි ප්‍රවෘත්ති මණ්ඩලේ කචල්; හේතුව බන්දුලගේ පබ්ලිසිටි 

රූපවාහිනිය​ට ප්‍රසාද්; ලේක්හවුස් ඒකට කාරියවසම්; දෙන්නම බන්දුලගේ යාළුවෝ 

අසංග ජයලත් රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ධූරයට!

ටීවී රේටිං ක්‍රමය අක්‍රමවත් හා පක්ෂාග්‍රාහියි – අනූෂ පැල්පිට

රූපවාහිනියෙන් අජන්ත එළියට: නිපුන ඇතුළට

ඩොලර් එක නහුතෙට නැග්ගට රූපවාහිනියේ යූටියුබ් ආදායම එතනමයි!

Trending

Exit mobile version