පුවත්

පාසල් ළමුන් මග දමා ගිය කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තරවරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තර වරයාගේ බව වාර්තා වේ.

අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල් වල රදවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු කටයුතු කර තිබේ.

එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවටද වාර්තා වේ.

ඒ අනුව, අද නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂකවරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තරවරයා එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වේ.

Trending

Exit mobile version