‘විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය’ 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (26) පැරිසියේදී ආරම්භ විය.
අති උත්කර්ෂවත් අන්දමින් සමාරම්භ වුණු ‘පැරිස් ඔලිම්පික්’ උළෙල හැඩ කරන්න ලෝක ප්‍රකට තරු රැසක් සහභාගීව වූහ.
ඒ අතර කාගෙත් අවධානය යොමුවූයේ ගායන ශිල්පිනී සෙලීන් ඩියොන් (Celine Dion) වෙතයි.
සිය රෝග විනිශ්චයන් ගැන අනාවරණය කිරීමෙන් පසු ඇය වේදිකාවකට පැමිණි පළමු අවස්ථාවයි මෙයයි.
ඇගේ යළි වේදිකා ආගමනය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ‘සෙලීන් ඩියෝන්ගේ විශිෂ්ට ප්‍රවේශයක්’ ලෙසිනි.
මීට පෙර වාර්තා වුණු ආකාරයට සෙලීන් ඩියෝන් දුර්ලභ ස්නායු අබාධයකින් (Stiff Person Syndrome – SPS) පෙළෙන බවයි සඳහන් විය.
56 හැවිරිදි ඇය, 2022 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ තමා සෞඛ්‍ය කෙරෙහි අවදානය යොමුකරනුවස් ‘වෘත්තීය කැපවීමක්’ කරන බවය.
සෙලීන් ඩියෝන්ගේ ඇල්බමය වන D’eux (1995) යනු මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ ප්‍රංශ භාෂා ඇල්බමය යි. ‘My Heart Will Go On’ සහ ‘It’s All Coming Back to Me Now’ ඇතුළු ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධියට පත් සෙලීන්, Atlanta 1996 ට පසුව ඔලිම්පික් සමාරම්භක උත්සවයකට සහභාගී වූ දෙවන අවස්ථාවයි මෙයයි.