ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් පැහැර ගත් සුඛෝපභෝගී ජීප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම කිලෝමීටර් 9.2 වීදියගොඩ ප්‍රදේශයේ දී ජීප් රථය අත්හැර දමා එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ජීප් රථය සොයාගන්නා විට ඒත් නිත්‍ය ලියාපදිංචි අංකය වෙනස් කර තිබූ අතර ඉදිරිපස බොනට්ටුව මත වාහනය දුටු පමණින් එකවර හඳුනාගත නොහැකි ලෙස ස්ටිකරයක් අලවා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයකු ඔහුට අයත් සුඛෝපභෝගී ජීප් රථය විකිණීමට සූදානම් කර ඇති අතර එය මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඔහුට පහර දී ජිප් රථයෙන් බිමට ඇද දමා එය පැහැර ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.
එම අපරාධය සම්බන්ධයෙන් පොලිස් පණිවුඩ ඔස්සේ ලද තොරතුරු අනුව අධිවේගී රථවාහන පොලිසියේ නිලධාරින්ද විමසිලිමත්ව සිට ඇති අතර
ඇම්බර් වර්ණයෙන් යුත් ජීප් රථයක් කොළඹ දෙසට පැමිණෙන අයුරු පොලිස් සැරයන් 60729 වීරතුංග පොලිස් කොස්තාපල් 3272 කරුණාරත්න යන නිලධාරීන් දෙදෙනා ළඟම සංචාරයේ යෙදී සිටින අවස්ථාවේදී නෙත ගැසීමත් සමඟම වීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ජීප් රථය නොනවත්වා ධාවනය කිරීමත් සමඟම නිලධාරීන් ගුවන් විදුලි මෝටර් රථයෙන් ඒ පසුපස හබා ඒමේ දී රථය වීදියගොඩ ප්‍රදේශයේ අත්හැර දැමූ සැකකරුවන් පලා ගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පලාගිය දරුවන් වාහන පැහැරගන්නා සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් බවට සැකකරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
(දිනමිණ)