පුවත්

පුස් ගම්මිරිස් දුන් සිනමන් ලේක් සයිඩ් හෝටලයට දඩයක්

Published

on

පිසූ ආහාර සමඟ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු / දිලීර (පුස්) සහිත සුදු ගම්මිරිස් පිළි ගැන්වීම සම්බන්ධයෙන් වරද පිළිගත් සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside  Colombo) හෝටලයට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රුපියල් පන්දහසක දඩයක් අද (09) නියම කළාය.

එම හෝටලය වෙනුවෙන් පෙනී සිටි එම හෝටලයේ ආහාර පාන කළමනාකරු විසින් අදාල වරද පිළිගත්තේය.

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් මෙම නඩුව පවරා තිබිණි.

ඉකුත් ජනවාරි 02 වැනිදා සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside  Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” වෙත රාත්‍රී ආහාර ගැනීමට ගිය යුවලක් විසින් තමන්ට නරක්වූ සුප් කෝප්පයක් ලබාදුන් බවට කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එහි පැමිණ ලබාගත් සාම්පලක් බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලබාදීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ලබාදුන් පරීක්ෂණ වාර්තාවට අනුව මෙසේ නඩු පවරා තිබිණි.

සබැඳි පුවත්
සිනමන් ලේක් සයිඩ් හෝටලය පාරිභෝගිකයකුට නරක් වූ සුප් එකක් දීලා? 
Cinnamon Lakeside වෙත PHI ලා කඩා පනියි (වීඩියෝ) 

Trending

Exit mobile version