පුවත්

පොලිසියසෙව්වන්දිගේමිලවැඩිකරයි!

Published

on

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව තවමත් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැති ප්‍රධාන සැකකාරිය ගැන තොරතුරක් ලබාදෙන අයකුට පොලිස්පතිවරයා විසින් පිරිනමන රුපියල් ලක්ෂ දහයක ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 12ක් දක්වා වැඩිකර තිබේ.

කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 19 වැනිදාය.

මෙම ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු සමගින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිඥ වෙස්ගෙන පැමිණ වෙඩි තැබීමෙන් පසු පලාගිය ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. 

ඒ පොලිස් කණ්ඩායම් 12ක් පමණ ඇය සොයා වැටලීම් කරන පසුබිමකය.

කෙසේ වෙතත් මෙම කාන්තාව පිළිබඳ සාර්ථක තොරතුරක් ඇත්නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 අංකය අමතා ලබාදෙන ලෙසත් තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version