පුවත්

පොලිසියේ ඉන්න රට අශ්වයින්ට ගමේ කෑම !

Published

on

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන්  පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ  වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාස ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අශ්වයන්ට දේශීය ආහාර වර්ග ලබාදීමට කළ පරීක්ෂණ ඉතා සාර්ථකවී ඇතැයි ද මේ අතර වාර්තාව.

මේ අතර, පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

දැනට පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ 36 දෙනෙකු සිටියද එය රාජකාරී කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී තිබේ.

පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්තය.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ  අශ්වයන් කිහිප දෙනකු වයස්ගත  සහ  අසනීප තත්වයේ පසුවන  අතර   වයස්ගත අශ්වයෙක්  පසුගිය මාසයේදී මියගොස් ඇති බවද පැවසේ.

මේ අතර අශ්වයන් සඳහා  රටින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප

Trending

Exit mobile version