ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක්වීමට තීරණය කර තිබේ.
කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, හිටපු උප සභාපති ජගත් දේශප්‍රිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජාතුංගආරච්චි, මහඔය ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත යන මහත්වරුන් මෙයට සහභාගී වී තිබේ.
අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡවට එක් වෙමින් විමලවීර දිසානායක මහතා සඳහන් කළේ, මෙය පක්ෂය අතහැර යාමක් නොවන අතර මෙම අවස්ථාවේ සියලුදෙනා රට සහ ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණයක් බවය.